මෙම ශිලාලිපිය මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රදේශයට අයත් ඓතිහාසික ගඩොලාදෙණි පුද බිමෙහි විහාර මන්දිරය හා චෛත්‍යය අතර ගල්තලාවෙහි කරවන ලද්දකි.විජයනගරය සම්ප්‍රදායට අනුව නිර්මාණය කරන ලද පූර්වෝක්ට විහාර මන්දිරය ගොඩනංවන ලද්දේ ධර්මකීර්ති නැමැති මාහිමි නමක විසිනි.එම විහාර කර්මාන්තය පිළිබඳ හා එහි නඩත්තු සඳහා පුදන ලද ගම්බිම් පිළිබඳ හා එහි නඩත්තුව සඳහා පුදන ලද ගම්බිම් පිළිබඳ විස්තරයක් මෙහි අන්තර්ගත ඇත.
මෙම ශිලාලිපියෙහි සඳහන් ධර්මකීර්ති නැමැති මාහිමි නමක විසිනි.ගඩලාදෙණි විහාරය ,නියම්ගම්පාය විහාරය හා ලංකාතිලක විහාරය ගම්පොළ යුගයට අයත් අනුස්මරණීය සිහිවටන වෙයි.විශේෂයෙන් ම ගඩලාදෙණි විහාරය හා ලංකාතිලක විහාරය විජය නගර සම්ප්‍රදායට අයත් නිර්මාණ දෙකකි.මෙම ශිලාලිපියෙහි සඳහන් වන ධර්මකීර්ති හිමි හා සේනාධිලංකාර දෙදෙනා දකුණු ඉන්දියාව සමඟ සම්බන්ධතා පැවැත්වූවෝ වෙති.ධර්මකීර්ති හිමි දඹදිව ධාන්‍යකටකයේ දෙමහල් පිළිම ගෙයක් කරවා ඇති බව මෙයින් හෙළිවේ.ගම්පොළ යුගයේ සිටි ද්විතීය ධර්මකීර්ති හිමියන් විසින් රචනා කරන ලද සද්ධර්මාලංකාරයේ මෙම ගඩලාදෙණි විහාරය සද්ධර්මතිලක ගඩලාදෙණි විහාරය නමින් හදුන්වා ඇත.
මෙය බුවනෙකබාහු නැමැති රජ කෙනෙකුගේ කාලයේ පිහිටුවන ලද්දක් බව ශිලාලිපියෙ සඳහන් වෙයි.බුවනෙකබාහු යනු ගම්පොළ යුගයේ ආරම්භක රජු වන සිව්වන බුවනෙකබාහු ය.
මෙය නූතන සිංහල යුගයට අයත් වන අතර අක්ෂර වර්තමාන සිංහල අක්ෂරවලට බොහො දුරට සමානය.
ලේඛනය :-
ස්වස්ති ශුභමස්තු ශ්‍රී ධර්මකීර්ති ස්ථිවිරාධි (කාරෙ)........ ජනානවි............... ............තු(ං)පුණ්යමනෙකරූපං කාරාපයන් ශ්‍රී ඝන ශ්‍රී විහාරං .,
ශ්‍රී ශකවර්ෂයෙන් එක්වා (දහස්)දෙසිය සසැට අවුරු(ද්දක්) පිරුණු (ස)නද (මෙ)කල් රජ පැමිණි ත්‍රිසිංහ,
ළාධීශ්වර භුවනෙකබා (හු න)රෙන්ද්රයහට තුන්වනු (වෙසග)(පුර)පසලොස්වක ශ්‍රී මහාබෝධි වඩා,
ශ්‍රී ලංකාදීපයට පැමිණි (ගණ)වැ(සි)වංශාභිජාත ධර්මකීර්ති ස්ථිවිරපාදයන් වහන්සේ ද,
ම්බදිවැන් ශ්රිධාන්යකටයෙ(දෙමා)ල් පිළිම ගෙයක් .....බොහො(ර)න්(රුවන්).......(ලං)කාද්වීප,
යෙතින් (බොහො)කාලයක් පවත්නා ලෙසැ සි(ලාමය පිළි)ම ගෙයක් කර වනු කැමැතිවැ රජ යුව,
රජ අ(ධිකාර සෙ)නෙවිරත් (අතථි)නායක ......නායක.... නායක.....ලිය.,
න්නන් ආ(දිවු පෘ)ථුවිශ්වරයන් ද....න්ද (ක්ෂේත්රිය) බ්‍රා(හ්මණ වෙ)ශ්‍ය ශුද්‍රාදී (උත්ත)මා
ධම ජනයන් ද සිංහල දෙමළ ආදී වූ....සේනා කේ... ත්..කරවා පණමින් ල (ක්)
ෂයක් විජරත් වී තුන්සියක් යාළ විචාරත් දී වාස්තුශාස්ත්රප්රතිමාශා(ස්ත්රාදී)යෙහෙවි,
ස්ථපතිගණාධිපති ග(ණෙ)ශ්වරාචාරීන් ප්‍රධාන කොට ඇති ආචාර්යවරුන් ලවා සී (ඝුරු)වාණදේ,
නුවර මධයෙ දිග්ගල අත්ළේ තුන්මාල් පිළිමගෙන කරවන සෙක් පල්ලේ මාලේ ශ්ක්ර බ්‍රහ්ම ,
සුයාම සන්ථුෂිත නාථ මයිත්‍රි ආදී දෙවියන් විසින් පිරිවරන ලද වජ්රාසනා රූඪ්වැ බෝධීන්වහා,
න්සෙට පිට ලා වැඩැ හුන් සතාතුක මහපිළිමසාමී(නුත්)අනුපිළිම දෙදෙනා වහන්සෙත් (නො),
යෙක් ච්ත්‍ර කර්මාන්තයෙන් විචිත්‍ර කොට කරවා මුලුන් මහළෙ චෛත්යයක්ගර්භයේ හා(රිජාත)වෘ,
ක්ෂයමූලයෙහි පන්ඩුකම්භලා (සනාරු)ඪවැ මුර්තදේව පුත්‍ර ප්රමුඛ ශක්‍ර බ්රහ්මාදින් දේ (වියන් පි )රි,
වරා විජම්දේශනාවට වැඩ හුන් (බුධ)රූපය කරවා වි(හාර)යට ආරක්ෂාවකුත් වුව මැනවැයි...දේ,
විරජගෙයකුත් කරවා බොදි චෛත්‍ය පුෂ්පරාම පලරාමා(දීන්)සරහා තමන් වහන්සේ ...ය,
න් කරවන ලද ....ධර්මකීර්ති නම් මෙවිහා(රය දැකෙ)සමාධිවැ ....දෙණි ...ය.,
මියා....(කර්මාන්තයට )පණම් තුන්දාසක් වී(ජරත්)...ගෙවළ දී වෙල් (වහ) ල්
අර්ථය:-
යහපතක් වේවා ,ධර්මකීර්ති ස්ථිවිරයන් වහන්සේ ප්‍රධාන කොට ඇති,නොයෙක් පින් රැස් කරනු පිණිස වූ උතුම් විහාරය කරවූහ,
ශකවර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ එක්දහස් දෙවොඉය හැටහයක් පිරුණු කල්හි මෙකල රජ බවට ආත් තුන් සිංහලයට නායක වූ,
බුවනෙකබාහු රජුට තුන්වන වෙසක් පුර පසලොස්වක දිනයෙහි ශ්‍රී මහා බෝධිය වඩමවාගෙන,
ශ්‍රී ලංකාවට පැමිණි ගණවැසි වශයෙහි උපන් ධර්මකීර්ති ස්ථිවරයන් වහන්සේ ඉන්දියාවෙහි ද ශ්‍රී ධාන්යාකටකයේ දෙමහල් ප්‍රතිමා ගෘහයක් බොහෝ රන් හා මැණික්,
ලංකාවෙහි ද, දීර්ඝ කාලයක් පවතින පරිද්දෙන් ශෛලමය ප්‍රතිමා ගෘහයක් කරවීමට කැමැත්තෙන් රට පාලනය කරන ඉහත සඳහන් ප්‍රධානින්ද ක්ෂත්රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍රාදී උත්තමාධම ජනයන්ද සිංහල දෙමළ ආදිවූ....
පණම් ලක්ෂයක් පමණ හා කරත්ත තුන්සීයක් පමණ වී ද ප්රදානය කොට ගෘහ නිර්මාණ ශාස්ත්‍රීය ප්රතින් නිර්මාණ ශාස්ත්රාදියෙහි,
ගෘහ කර්මාන්ත හා සම්බන්ධ ශිල්ප ශ්‍රේණි නායක ශිල්ප ශ්‍රේණියෙහි ආචාර්යවරයා ප්රමුඛ කොට ඇති ආචාර්යවරුන් ලවා සිගුරුවාණ නම් පර්වතය ඇසුරු කොට පවත්නා උඩුනුවර හා යටිනුවර මැද ගල්තලාවෙහි ,මහල් තුනකින් යුක්ත ප්‍රතිමා ගෘහය කරවනුයේ පහළ මාලයේ
අභිධර්ම දේශනාවට දිව්‍යරාජ ගෘහයක් හෙවත් දේවාලයක් පුෂ්ප උයන් පලතුරු උයන් ආදියෙන් සරසා සතුටුව පණම් තුන්දාහක් පමණ කර්මාන්තයට ,

👍🥰🥰
ReplyDelete💐👌👌
ReplyDeleteBest ♥️
ReplyDeleteVery good article
ReplyDeleteSupreb
ReplyDelete👍👍👍👍👍
ReplyDelete👍👍👍👍👍
ReplyDelete🩷🩷🩷
ReplyDelete💙
ReplyDeleteNice
ReplyDeleteGood
ReplyDelete👍👍
ReplyDelete