මෙහි රජවරුන් තිදෙනෙකු පිළිබඳව සසඳහන්ය.ඒ දේවානම්පියතිස්ස පු(ටි)කණ ගමිණි අභය හා දෙවානපිය නක(නාග)රජවරුන්ය.මේ තිදෙනාම එක් එක් කාලවලදී 'මහරජු' ලෙස රටේ පාලනය ගෙන ගොස් ඇති බව පැහැදිලිය.ඉතිහාසගත තොරතුරු සමඟ අධ්‍යනයේදී මේ ලිපියේ සඳහන් රජවරුන් වන්නේ(1)මහා තිස්ස (ක්‍රි.පුඉ 76-62),(02)කූටකණ්ණ තිස්ස (ක්‍රි.පූ 42-20)හා (03)මහානාග (ක්‍රි.ව 9-21)යන රජවරුන්ය.
ක්‍රි.ව. පළවන සියවස වන විට ලෙන් පමණක් නොව භික්ෂූන් වහන්සේලාට 'සිව්පසය' ප්‍රධානය කිරීමට රජවරුන් පෙළඹී ඇති බව පෙනීයයි.'විහිරබිජක' ප්‍රදේශයේ මුට්ගුතික සහ 'පරිවතක' නමින් යුත් විහාරස්ථාන දෙකක පිළිබඳ ව සඳහන් වන අතර වැදගත් වන කරුණක් වන්නේ මේ විහාර දෙකෙන් තෝරා ගත් පිරිසකට පමණක් කැද,බත් හා වස්ත්‍ර පිළිගැන්වීමයි.මේ වනවිට එකල සමාජයේ කැඳ හා බත් ප්‍රධාන ආහාරය වී යැයි තහවුරු කිරීමට මේ ලිපිය වැදගත් වේ.
මෙහි භාෂාව ගැන අධ්‍යනය කිරීමේදී දේවානං පිය - දෙවන පිය - දීර්ඝය හා බිංදුව ලොප් කොට ඇත.'හ'ප්රහ්යය 'මහරජ'සම්බන්ධ විභක්ති ඒක වචනාර්ථයේ යෙදී ඇත.ආධාර විභක්ති ඒක වචනාර්ථයේ 'හ' ප්‍රත්‍යය (විහරහි)යොදා තිබේ.සං:'කෘත්වා පා: කත්වා යන්නෙන් තද්භව වූවක් සේ 'කටු'ගත හැකිය.
ලේඛනය :-
01. සිධම් දෙවානපිය ති(ස-මහ)-රජහ මරු-මකණකනෙ දෙවානපිය පු(ටි)කණ ගමිණි.
02.අභය-මහරජ (හ පුතෙ දෙවා)නපොය නක-මහරජෙ විහිරබිජකහි මුටිගුතික.
03.සහ පරිවතක...විහරහි භිකුසගහ විසිති හමාණන(ය)යාකු ච බත ච .
04.වසවසික-හාටික(ච)...(න)කටු දිනෙ (උති)රික...ර(ප)ට වානක කටු දිනෙ.
අර්ථය:-
යහපතක් වේවා දේවානම් පියතිස්ස මහරජුගේ මුණුබුරු වූ දෙවනපිය පු(ටි)කණ ගමිණි අභය මහ රජතුමාගේ පුතු වූ දෙවානපිය නාග මහරජ විහිරබිජක ප්‍රදේශයේ මුටිගුතික සහ පරිවතක...විහාරයේ භික්ෂු සංඝයා අතුරෙන් විසි නමකට කැඳ ද,බත් ද වස්ත්‍ර ද... න කොට දුන්නේය.(උති) රික ...(ප)ට වානක කොට දුන්නේය.

Good 😍😍
ReplyDelete👊🥰
DeleteNice
ReplyDelete👍👍
ReplyDelete❤️❤️❤️
ReplyDelete