ධනවත් අයගෙන් ගෙන සීමා මායිම් ද දක්වා මේ විහාරයේ භික්ෂූන් වහන්සේට අයිතිය තහවුරු කොට දැක්වීමෙන් එවක අරාමික දේපලවලට සමාජ බලපෑම් තිබූ බව පැහැදිලිය.ඒ බව එසේ කරන අයට බත් නොලැබෙන බව දැක්වීමෙන් හා මතු ආත්මයන්හි බලු කපුටන් වන බව සදහන් කිරීමෙන් පැහැදිලි වෙයි.
මේ ලිපියේ කාලීන වශයෙන් වැදගත් සමාජ කරුණු ද හෙළිදරව් කළ හැකිය. සමාජයේ ධනවත් මෙන්ම දිළිඳු පිරිසක් සිටිබව,ධනවතුන්ගේ උදව්වෙන් විහාරාරම සතු දේපල සම්බන්ධයෙන් යම් හානියක් සිදු කරන පිරිස් වේ නම් ඔවුන් මතු ආත්මයන්හි දී 'බලු කපුටන් වන බව ' ඔවුන්ගේ විශ්වාසය වූ බව හදුනාගත හැකිය.
කුඹුරු වගාව මත දීර්ඝකාලීන ශ්‍රී ලංකාවේ ආර්ථිකය රඳා පැවති බව තහවුරු කිරීමට ද මේ ලිපිය උදව් කරගත හැකිය. එමෙන්ම අයිතිය තහවුරු කිරීම සඳහා අයත් ප්‍රදේශ පහණ් කණු සිටුවීමද එකල සමාජ සම්ප්‍රදායක්ව පැවති බවද මෙයින් තහවුරු වෙයි. එමෙන්ම කාලීම මිනුම් ක්‍රම පිළිබඳව අවබෝධ කොටගැනීමටද මේ ලිපිය වැදගත් වේ.මෙහි භාෂාව තුළ ඇ කාරය යෙදීම විශේෂත්වයකි .
ලේඛනය :- (අ)
01) දම්(බ්)දිව් දුනු සිරි සම්බො මපු
02)(ර්)මුකා තුන්වන්නෙ මිහිද් මහපා-
03)-ණන්...ගොම්බියෙන් පහණ් හි
04)-න්ද්වා දුන් කිරියක් කුම්බුර් ඉසා බුද් ම
05) -හමලුන් මහබොදෙණියෙන් පහ-
06)-ණ් හින්දවා දුන් දෙපයක් කුම්බූර් ඉසා...
07)මහමලුන් මිහින්නරියෙන් පහණ් හි -
08)-[න්ද්)වා දුන් (කුම්බූර්)දෙපයක් ඉසා
ආ
01)මෙ ලෙන (සෙනසන)බැන්දැ දෙව (//)සිද්ධිම්(//)දා-
02)-නපතින් සිගා මෙ ලෙණට් බහා ලු
03) කුම්බුරට් අවුල් කළ කෙනෙක් බුදෙනා බ-
04)-ත් නො ලැබෙත් පර දන්මයෙ බලු ක-
05)-වුඩු වෙත්වය්(//)කපකලෙ සෙනසුන
06)බැවින්(//)
අර්ථය :-(අ)
දඹදිව උපන් සිරිසඝබෝ මහ රජතුමාගේ තුන්වන වර්ෂයේ මහින්ද මහාදිපාදයන් විසින් ' ගොම්බිය'නම් ගමින් සීමා ගල් සිටුවා දෙන ලද කිරියක කුඹුරු ද,බුද්ධ මහා මල්ලයන් විසින් මහ බොදෙණියෙන් ගල් සිදුවා දෙන ලද දෙකක කුඹුරු ද, මහා මල්ල විසින් ' මිහින්නරියෙන් ' ගල් හිඳුවා දෙන ලද කුඹුරු දෙපාදයද මේ(ලෙණ) සෙනසුනට පූජා කරන ලදි.
(ආ)
මංගල්‍යයක් වේවා , දානපතින්ගෙන් ඉල්ලා මේ ලෙණට අයිති කොට දුන් කුඹුරට ආරවුල් ඇති කළ කෙනෙක් සිටී නම් ආහාරයට බත් නොලැබේ.ඊලග ආත්මයන්හි දී බල්ලන් කපුටන් වෙත්වා!ඒ මේ සේනාසනයට අයත් කළ බැවිනි.

Good 😍🥰
ReplyDelete👍👍
ReplyDeleteNice ♥️
ReplyDelete❤️❤️❤️
ReplyDelete❤❤❤
ReplyDelete