බදුලු ටැම් ලිපිය ඌව පළාතට අයත් මහියංගන මහා චෛත්‍යයට සැතපුම් තුනක් පමණ ඊශාන දෙසින් පිහිටි සොරබොර වැව ආශ්රිත ප්‍රදේශයකින් සොයා ගන්නා ලද්දකි.එවක එම ප්‍රදේශය හෝපිටිගමුව යන නමින් හැදින්වූ බව ශිලාලිපියෙන් හෙළිවෙයි.මෙම ශිලාලිපිය එවක ඉංග්‍රීසි ආණ්ඩුවේ උපඒජන්තවරයෙකු වශයෙන් කටයුතු කළ ජෝන් බේලි මහතා විසින් සොයාගනු ලැබූවකි.ඉන්පසු මෙය බදුලු නගරයට ගෙනවිත් පිහිටුවීම නිසා බලුදු ටැම් ලිපිය වශයෙන් හැදින්වීම ආරම්භ විය.මෙහි සදහන් වන ආකාරයට මෙය (ක්‍රි.ව 946-954) හතර වන උදය රජු විසින් පිහිටුවන ලද්දකි.මෙය අනුරාධපුර අවසාන භාගයට අයත් වේ.
මහියංගනය ආශ්‍රිතව පැවති හෝපිටිගමුව ප්‍රදේශය ක්‍රි.ව 10 වන සියවසේදී ප්‍රසිද්ධ වෙළෙඳ නගරයක් වශයෙන් පැවතුණි.ඒ වනවිට එම වෙළෙඳ පොළ බදු ගත් තැනැත්තාගෙ සේවකයෝ වෙළෙන්දන්ගේ හා ගම්වාසීන්ගෙන් අයතා පරිද්දෙන් බදු අයකර ඔවුන් පීඩාවට පත්වන ලෙස කටයුතු කරමින් වෙලෙද පොළ පරිපාලන කටයුතුවල නියුක්තව සිටියහ.එවක මහියංගන මහ වෙහෙරට පැමිණි හතර වන උදය රජුට මෙම වෙළඳ නගරයේ පවත්නා නොමනා ස්වභාවය පිළිබඳ ව්‍යාපාරිකයො හා ගම්වාසීහු පැමිණිලි කළහ.එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම වෙළෙඳ නගරයේ පරිපාලනය සකස් විය යුතු ආකාරය පිළිබඳ රජුගේ නියමයට අනුව සම්පාදනය වූ නීතිරීතී සමුදායක් මෙහි අන්තර්ගත වෙයි.
මෙම ශිලාලිපිය ක්‍රි.ව 10 වන සියවසේ පිහිටුවන ලද්දක් වුවද එහි අන්තර්ගත කරුණුවලින් පෙනීයන්නේ ඊට පෙර සෑහෙන කාලයක සිටම හෝපිටිගමුව වෙළෙඳ නගරයෙහි මෙම ව්‍යවස්ථා ක්‍රියාත්මක ව පැවති බවයි.එහෙත් කල් යත්ම එම ව්‍යවස්ථා යථා පරිදි ක්‍රියාත්මක නොවීම නිසා ජනතාව විසින් රජුට පැමිණිලි කළ බව පෙනේ.ඒ අනුව අනුරාධපුර යුගයේ අවසන් භාගයේ ලංකාවේ ක්‍රියාත්මක වූ වාණිජ නීතිය ,වෙළෙඳ නගරයක පරිපාලන ව්‍යුහය සකස්ව පැවති ආකාරය හා සමාජ ස්ංස්කෘතික තොරතුරු රැසක් මෙම ශිලාලිපියෙන් අනාවරණය වෙයි. එසේම මධ්‍යතන සිංහල යුගයේ භාෂා ලක්ෂණ හා අක්ෂර රෑප පරිණාමය සම්බන්ධයෙන් මෙම ශිලාලිපිය මගින් තොරතුරු ලබා ගත හැකිය.
ලේඛන -:
A සිරිබර කැත්කු- -ලකොත් උකාවස්- රද්පරපුරෙන් බ- -ට් ලක්දිව්පෙළො- යොන පරපුරෙන් හි- මි වූ එ මෙ කුලෙන් බ- -ට් සමුදගොන් බිසො- රැදැනයැ උපැදැ ඈපා ම- -හයා සිරි විදැ පිළිවෙල සෙ රැදැ පැමිණැ රැදැ ක- ළ සිරිසගබො උදාම- -හරදහු තුමා සත් ලැ- -ඟු දෙවන හවුරුදු- " සරිබර සම්පත්තියෙන් ආඪ්‍ය වූ,කැත්කුල කොත්,ක්ෂ්ත්රිය කුලයට කොතක් බඳු වූ,උකාවක් රද් පරපුරෙන් බට්,ඔක්කාක හෙවත් ඉක්ෂවාකු රාජ පරම්පරාවෙන් අවතීර්ණ වූ හෙවත් අයිති වූ ,එමෙ කුලෙන් බට් ,එම කුලයෙන් අවතීර්ණ වූ හෙවත් පැමිණියා වූ,සමුදගොන් බිසොරුදැනයැ,සමුද නම් උතුම් බිසො රාජිනියගේ කුසෙහි ඉපිද,ඈපා මහියා සිරි විදැ,ආදිපාද මහාදිපාද සම්පත් වින්දනය කොට,පිළිවෙළසෙ රැදැ පැමිණැ,පිළිවෙළින් රාජ්‍යයට පැමිණ ,රැදැ කළ,රාජ්‍ය කළා වූ,සිරිසඝබෝ උදා,ශ්‍රී සංඝබෝධි උදය,මහරදහු ,මහරජතුමා,තුමා සත් ලැඟු දෙව්න හවුරුදුයෙහි.
B -යා නො කරනු ඉසා ගම්ලද්දන් ගැත්ත- -න් මන්ද්‍රඩින් ගැත්ත- -තාර කොට පිරිකපා තබා දුන් දඩ ගනුත් මිසැ ගම වටා ගෙනැ ගෙ තිරු ගෙනැ දඩ නො එළ්වනු ඉසා දඩ ගැමැ හිනදැ එ ළ- -වත් මිසැ කුඩින්
අනියා නොකරනු ඉසා,අනියමක් හෙවත් අසම්මතයක්,නොකරනු ඉසා,නොකිරීම ද,ගම්ලද්දන් ගැත්ටන්,ගම ලද අයගේ හෙවත් වෙළෙඳ නගරය ලද අයගේ සේවකයන්,මන්ද්‍රඩින් ,උපදේශකයන්,හැන්දැ ,එකතු වී,විතාර කොට,විචාර පිරිකපා තබා ,පිරිසිඳ හෙවත් හැම ලෙසින්ම නිශ්චය කොට,දුන් දඩ ගනුත් මිසැ,දෙන ලද දඩ හෙවත් බ්ඳු ගැනීම මිස,ගම වටා ගෙනැ ,ගම වටලා ගෙන,ගෙ තිරු ගෙනැ,ගෙදරට සිරකොට ගෙන ,දඩ නො ,එළ්වනු ඉසා,නොඉල්ලීම ද,දඩ ගැමැ හින්දැ එළ්වත් මිසැ,දඩ ගම තුළ සිටිය දී ඉල්ලීම මිස,කුඩින් ,ගම්වාසීන් ,
C -ඩු පෙරෙමගට ගොස් නොගන්නා ඉසා පාට්ටපැළහි පෙ- රෙ සිරිත් කුසලාන් කැ- -රැ ගෙනැ දී තමාගේ කැ- -රැ ගනුත් මිසැ නොසි- රිත් නොකරනු ඉසා බදු මිනු ලහසියෙන් මි- -සැ සෙසු ලහසියෙ- -න් නො මනනු ඉසා-
පෙර මගට ගොස් ,නොගන්නා ඉසා,නොගැනීමද,පාට්ට බදු ක්‍රමයට අදාළ බිම් කොටස්වල,පෙර සිරිතට අනුව කුසල් පිණිස දෙන බදු ගෙන දී,තමාගෙ බදු කොටස ගැනීම මිසැ,නොසිරිත් දෙයක් හෙවත් අසම්මතයක් නොකිරීම ද,බදු සම්මත ලහස්සෙන් මිස,ව්ව්බස් ලහසුවලින් නොමැනීමද,
D සිය ගනිතී කු -ඩීන් ගිගිරි කොට වැඩිතැනැ දැන් වූ තැනින් පෙරෙ සිරිත් පස් වි- -ස්ස ගන්නෙය යි වදාළ තැනින් පඩුර- -ට පස්විස්ස ග න්නා කොට ඉසා මෙ ගම්හි ලා මිනිකො,
ගම්වාසීන් උද්ඝෝෂණය කොට,වැඩියාවූ තැනැත්තාට හෙවත් රජතුමාට දැන්වූ අවස්ථාවේදී,පූර්ව චාරිත්‍රානුකූල විසිපහ ගන්නැයි,වදාළ අවස්ථාවේ දී,පඩුරු සදහා විසි පහක් ගැනීම ද,මේ ගමෙහිදී මිනී මරා යන කල්හි,

lassanai 🥰🥰👍
ReplyDeleteGreat 👍
ReplyDelete❤️❤️❤️❤️
ReplyDeleteGreat 😍
ReplyDelete👍👍
ReplyDelete