තෝණිගල ගිරි ලිපිය වවුනියාවේ සිට හොරොව්පතානට යන පාරේ හයවැනි සැතපුම් කණුවට සැතපුම් 1/2 පමණ උතුරින් පිහිටා ඇත.මෙහි දකුණු ' තිලත්කුලම' ප්‍රදේශයේ ' තෝණිගල ' හෙවත් ' නාගරගල' නමින් හැදින්වෙන ගල් තලාව (නාගර අකුරින් ලියූ ලිපියකි) මත ඇති ලිපිය යි.ඔරුවක හැඩය ඇති නිසා තෝණිගල වශයෙන් හදුන්වා ඇත.ක්‍රි.ව 4 වන සියවසේ අවසානයට අයත් ය.මේ ලිපිය මහාසේන රජු පුත් 'සිරිමෙවන් රජු' විසින් කරවන ලද බව සෙල්ලිපියේ සඳහන්ය.ඒ රජුගේ රාජ්‍යත්වයෙන් තුන්වෙනි වර්ෂයේ ය.දේශපාලන මෙන්ම සමාජ ,සංස්කෘතික හා ආර්ථික වශයෙන් මේ ලිපිය වැදගත් ය.
නගරයේ උතුරු ප්‍රදේශයේ 'කළහුමණක'නම් වූ නියම් ග්‍රාමයේ පිහිටි වෙළෙඳ ශ්‍රේණියක තැන්පත් කර එහි මුල් මුදල එසේ තිබිය දී එමගින් ලබාගත හැකි පොළියෙන්'යහිසපවත' විහාර වාසි භික්ෂූන් වහන්සේලාට වස් කාලයේදී වුවමනා ආහාරපාන සම්පාදනය කිරීමට,වැය කිරීමට මේ ලිපියෙන් අනුමත කොට තිබේ.මේ සඳහා ක්‍රියාත්මක වී ඇත්තේ ' කඩුබලගම' වසන පහෙජසිව නව විහාරයට ය.මෙහි සඳහන් ව ඇති වදගත් කරුණක් වන්නේ තැන්පත් කොට තිබූ මුල් මුදලට ලැබිය යුතු පොලී ප්‍රමාණ දක්වා තිබීමයි. ඒ අනුව කිරුම්,මිනුම් සම්බන්ධයෙන් ද මේ ලිපිය වැදගත්ය.
එමෙන්ම මේ ලිපියේ භික්ෂූන් වහන්සේලාගේ ආහාරය සඳහා සැපයිය යුතු බඩු පිළිබඳ ව සඳහන් ව තිබේ.සාමාන්‍යයෙන් ප්‍රභූන් සඳහා ඉහළ කෑම වට්ටෝරුවක් ලබාදීම සම්මතයකි.ඊට භික්ෂූන් වහන්සේලාද ඇතුළත්ය.තෝණිගල ලිපියේ ආහාර සම්බන්ධව වැදගත් වන්නේ එකළ ඉහළ සමාජයේ ප්‍රභූන් ගත් ආහාර වේලක් එහි ඇතුළත්ව තිබීමයි. අතුරුපස ආදිය පිළිබඳව ඇතුළත් වුවත් මාලු හෝ වෙනත් මාංශ ආහාර පිළිබඳ ව සඳහන් නොවේ.
ආගමික වශයෙන් ' යහිසපබ්බත' විහාරයේ ආර්යවංස ප්‍රතිපදාව සම්බන්ධ ව භික්ෂූන් වහන්සේලාට ලබාදුන් දීමනාවන් පිළිබඳව ඇතුළත්ව ඇත.
මෙහි භාෂාව ගැන අවධානය යොමු කිරීමේදි ලිපියේ පවතින්නේ බ්රාහ්මීය අක්ෂර වන අතර හතරවන සියවසේ අග භාගයට අයත් වේ.සිංහල භාෂාවේ පරිණාමය ගැන සැලකීමේදී තෝණිගල ශිලා ලිපිය සන්දිස්ථානයකි..
ලේඛනය -:
01)සි/පුවිය මහසෙන-මහරජහ පුත සරිමෙකවණ -අබ-මහ-රජහ චත ලෙගි
02)-තක තිණවනක වසහි/නකරහි උතරපසහි කළහුමනක-නියමතනහි සිය අ-
03)-විය කිණියෙනි නිකත කඩුබලගමකෙහි වසනක-අමෙති-පහෙජ-සිවය-
04)-හ පුත - දෙවයහ යහිසපවය නව-වහෙරකහි දින අරියව
05)-ස වටවි,දෙ හඩක දස අමණක වී ඉච ස අමණක
06)උදි ඉච බයලි දස අමණ ඉච/මෙ දෙ හකඩ දස අ-
07)-මණක වි පිටදඩ-හසහි වෙඪ අකල-හසහි වෙඪ ම-
08)-දෙ-හසහි වෙඪ පචවිසිය අමණක වි ඉච මෙ ස අමණක උදිහි
09) වෙඪ එක අමණ දෙ පෙකඩක උදි ඉච දස අමණක බයලිහි වෙඪ/දෙ අ-
10)-මණ දෙ පෙකඩක බයලි ඉච/මෙ වතක වණහි ගහෙ කිණිය චිටවය වෙ-
අර්ථය:-
01) යහපතක් වේවා! පෘථිවීශ්වර වූ මහාසේන මහ රජුගේ පුත්‍ර වූ සිරිමෙඝවණ්ණ අබය මහ රජු සේසත් එස වූ
02) තුන්වන වර්ෂයේ දී නගරයේ උතුරු පැත්තේ'කළහුමනක' නිගම ස්ථානයෙහි.
03) තමා විසින් පරිත්‍යාග කරන ලද බද්දෙන් තබල ලදි. කඩුබලගම ගම වසන ' පහෙජසිව' ඇමතියාගේ
04) පුතු දේව විසින් යහිසපබ්බත විහාරයට දෙන ලද
05)ආර්යවංශ වෘත්තියයි. දෙයාළ දස අමුණක වී ද අමුණු හයක
06) උඳු ද,මුං ඇට අමුණු දහයක් ද යන මේ දෙයාළ දස
07)අමුණක් වූ වීවල මාස්කන්නයේ පොලියද යල කන්නයේ පොලිය ද
08) මැද කන්නයේ පොලිය ද වූ විසිපස් අමුණක වී ද මෙම හය අමුණක උඳුවල
09) පොලිය වූ එක් අමුණු දෙපෑළ ද දස අමුණක බයළි පොලිය වූ අමුණකුත්
10) දෙපෑලක මුං ඇට ද මෙකී තාක් පොලී වශයෙන් ගත යුතු දේ නැවත බද්දෙහි තබා.

Great 😍
ReplyDeleteGreat ❤️
ReplyDeletesuper 😍😍
ReplyDelete👍👍
ReplyDelete❤️❤️❤️
ReplyDelete