පාලි-වසභ
සංස්කෘත-වෘෂභ,
පුරාතන සිංහල 'වහබ' යන්නට 'වහය' භාවිත ය.මෙහි අර්ථය 'වෘෂභය'නොහොත් 'අති ශ්‍රේෂ්ඨයා'ය.
දේශපාලන මෙන්ම ආගමික වශයෙන් ද සමාජ තොරතුරු සෙවීමේදී ද මේ ලිපිය වැදගත් ය.වසභ රාජ්‍ය කාලයේදී ඇමතිවරුන් යටතේ ප්‍රදේශ පාලනය වූ බවත්,ලංකාවේ ප්‍රධාන පාලකයා වශයෙන් වසභ රජු පෙනී සිටි බවත් එයින් තහවුරු වන එක් කරුණකි.රජු ප්රමුඛ නිලධාරීන් විහාරාරාම කරවමින් ශාසන අභිවෘද්ධිය නගා සිටුවීම රජු ප්රමුඛ නිලධාරීන්ගේ ප්‍රධාන වගකීමක් ,යුතුකමක් ව තිබූ බව තවත් කරුණකි.
සිංහල රජවරුන් යටතේ යාපනය ප්‍රදේශයේ ද පාලනය සිදුව ඇති අතර ' බුදුදහම ' ලංකාව පුරාම ව්‍යාප්තව පැවති බව තහවුරු කිරීමට ද 'වල්ලිපුරම් රන්පත' වැදගත් මූලාශ්‍රයකි.එමෙන්ම සමාජයම වශයෙන් කාලීන ' පුද්ගල නාම' මෙන්ම ' ග්‍රාම නාම' හදුනාගැනීමටද වැදගත්ය.
මේ ආගමික ස්ථානය යාපනය අර්ධද්වීපය සමානාර්ථවාචී වන බව පෙනේ. මෙහි 'වහයහ' හා 'ඉසිගිරියෙ' පෞද්ගලික නාම ලෙස ගත හැකි අතර ' නකදිව' නාගද්වීපය 'බදකර අතනෙ' ප්‍රදේශ නාමය.'පියගුකතිස' පුද්ගල හෝ විහාර නාමය වශයෙන් එහි දැක්වීම අසීරු වුවද නාගද්වීපයේ පැවති ප්‍රදේශයක් ලෙස 'බදකර අතන' නිශ්චිත වශයෙන් සඳහන් කිරීමට අවකාශ ලැබේ.
මෙහි භාෂාව භාවිතය පිළිබඳ තොරතුරු අනුව බ්රාහ්මී අක්ෂරවලින් රචනා වී ඇති මේ රන්පත ක්‍රි.ව දෙවන සියවසට අයත් කළ හැකිය. පුරාණතම සිංහල භාෂාව එහි ඇතුළත්ය .
ලේඛනය - :
සිද්ධ මහරජ වහයහ රජෙහි අමෙතෙ
ඉසිගිරයෙ නකදිව බුජමෙනි
බදකර - අතනෙහි පියගුක-තිස
විහර කරිතෙ.
අර්ථය-:
යහපතක් වේවා!වසභ මහරජගේ රාජ්‍ය කාලයේ ' ඉසගිරියෙ' ඇමතියා ' නකදිව' පාලනය කරන කල්හි ' බදකර' අතනෙහි,(ප්‍රදේශයේ/ග්‍රාමයේ)විහාරය කරවීය.
'පියගුකතිස'යන්න විහාරයේ නම වශයෙන් සඳහන්ව ඇතැයි සැලකීම වඩාත් උචිත බ්ව පෙනේ.නමුත් මහාචාර්ය මුදියන්සේ එය පුද්ගල නාමයක් වශයෙන් ගෙන අර්ථය දක්වා ඇත්තේ මෙසේය.
වසභ මහ රජුගේ රාජ්‍ය කාලයෙහි ඉරිගිරුයෙ ඇමතියා නකදිව පාලනය කරන සඳ ,බදකර අතනෙහි පියගුකතිස විහාරයක් කරවීය.



Super 🥰😍
ReplyDeleteNice
ReplyDeleteGood work❤️
ReplyDeleteGreat job.good luck
ReplyDeleteGood job..friend
ReplyDelete👍👍
ReplyDeleteGreat work keep it up
ReplyDeleteGood job❤️
ReplyDelete