මෙම ලිපිය 1875දී ගෝල්ඩ්ස්මිත් විසින් උතුරු මැද පළාතට අයත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැදෑ කෝරළයේ පහළ කැදෑ තුළානට අයත් වේවැල්කැටිය ගමෙන් සොයා ගන්නා ලද්දකි.මෙය පිහිටුවන ලද්දේ හතරවන මිහිඳු රජුගේ කාලයේ දී බව ඉසඩ් වික්‍රමසිංහ කියයි.මෙහි හතර වන මිහිඳු රජු හඳුන්වා ඇත්තේ සිරිසඝබෝ අභා වශයෙනි .
මෙම වේවැල්කැටිය ශිලාලිපියෙ සදහස් දසගම් යනු ගම් දහයක එකතුවක් ,එසේ නැතහොත් දාසයන්/මෙහෙකරුවන් / විහාර දායකයන් සිටි ගමක්ද යන්න නිශ්චිතව කිව නොහැක.නමුත් දසගම් ඇතුළත නීතිය පිළිසිඳනු ලැබුයේ දසගම් නායකයන් ඇතුළු අධිකරණයක් මගිනි.මෙම අධිකරණය රාජසභාවේ අධීක්ෂණය යටතේ පැවති අතර අධීක්ෂණයෙ ප්‍රජාතන්ත්‍රක ලක්ෂණ රැසක් විය.එසෙම දසගම් ඇත්තන් තුළ සාමුහික වගකීමක් ෆ්හ පැවතුණි.
මෙය ක්‍රි,ව 10වන සියවසට අයත් වුවද නීතීරිතී ඊට සියවස් කිහිපයක් සිට ම ක්‍රියාත්මක වූ ඒවා බව මෙම ශිලාලිපියෙහි පෙර සිරිත් සෙ යන වචනය අන්තර්ගත වීමෙන් පෙනීයයි.මේ අනුව අනුරාධපුර අවසන් සියවස් කිහිපය තුළ ලංකාවේ ක්‍රියාත්මක වූ අධිකරණ ක්‍රමය ,නීතිරීති ,දඩුවම් ආදිය පිළිබඳ පුළුල් අවබෝධයක් මෙයින් ලද හැකිය.මෙහි භාෂා ලක්ෂණ අනුව මෙය මධ්‍යතන සිංහල යුගයට අයත් වේ.එනම් (ක්‍රි.ව.8-13 සියවස මැදභාගය) දක්වා ය.
ලේඛනය :-
ශ්‍රී සිරිබර කැත්කුල කොත් ඔකාවස් රජ්පරපුරෙ ,න් බට් කැතුඋසබ්නට් අග්මෙහෙසුන්වූ ලක්දිව් පොළො,
යෝන පරපුරෙන් හිමි වූ සිරිසඟ්බො අභා මහරජ්‍හු
පුත් සිරිසඟ්බො අභය් මහරජ්හු සත් ලැඟු (නව)ව
න හවුරුදුයෙහි අන්ද්වප් සන්ද් පෙරෙ අඩ් (ම)ස්හි ද(ස)
පක් දවස් උතුරු පසැ අම්ගම්කුළියෙහි කිබි(නිල)
මිහි දෙමෙළ්වෙහෙර් පමණියෙන් දසගමට් එකෙක
නායකයන් කිබීගම ඇප දුන් නායකයන් කුඩී
න් මෙහි ඇතුළත්තාක් තැනැ කුහිවකු මරා කෙ(ටු)ව
ජඬපළා සොරකම් කළ තිරූ කොට් ගෙනැ දස ගැමැ ඇ
ත්තන් හින්දැ විචාරා උපන් දැයට් පෑ හැකියේ ලියා
තබා මාරුවෙහු මරා පට්වනු කොට් ඉසා කඬපළා සොරු
න් ගත් අයතියෙන් නියතකළාක් අයිතිය (හි)මි
හට් ගෙන දී එල්වනු කොට් ඉසා තිරූ නොකළ දසගැ
මැ ඇත්තන් පන්සාලිස දවසෙකින් සොයා ගෙනැ පට්
වනු කොට් ඉසා සොයා නොගත දස ගැමින් එක්
සිය පස්විසි කළන්දක් රන් රදොලට් දෙනු කොට් ඉසා
නොමරා කෙටුව දිව්මිලැ පනාස් කළන්දක් රන් ගන්නා
කොට් ඉසා නො පොහොත් ගෙදඩ් ගන්නා කොට් ඉසා තිරු
නොකළ දසගැමින් පනාස් කළන්දක් රන් රදොලට් දෙනු කො.
අර්ථය:-
යහපතක් වේවා,ක්ෂත්‍රීය කුලයට කොතක් බදු වූ ,ඔක්කාත රාජ පරම්පරාවට අවතීර්ණ වූ, ක්ෂීත්‍රීයොත්තමයන්ට අග්‍රමහේසිකාව වූ,ලක්දිව පොළොව උත්පත්ති ස්ථානය කොට ඇති,පරම්පරාවෙන් හිමිවූ,ශ්‍රී සංඝබෝධි අභය ,මහරජතුමාගේ පුත්‍ර ශ්‍රී සංඝබෝධි අභය මහරතුමාගෙ ජත්‍ර ලංඝිත හෙවත් අභිෂේකයෙන්,නව වන අවුරුද්දෙහි,උඳුවප් මාසයෙහී,පූර්ව අර්ධ මාසයෙහි, දසවන දවසෙහි,ුඋත්තර පාර්ශවයෙහි,එනම් පළාතෙහි,කිබි නම් ප්‍රදේශයේ,දෙමළ විහාර පමුණුවෙන්,දස ගම් අතුරෙන් එක් එක් නායකයන් ද, කිබි ගමෙහි ඇප දුන් නායකයන් ද, ගම්වාසීන් ද යන මේ අය විසින්, මේ දස ගමට අයත් තැනක ,කිසිවෙකු කොටා මැරුවහොත්,මං කොල්ලා කෑම සිදු කලහොත්,බන්ධනය කොට ගෙන,දසගම් ප්‍රධානින් එකතු වී,විචාරය කොට,උපන් දෙයට ලෙඛන ගත කොට ,මිනි මැරු තැනැත්තා මරා,සංසිදවීම් කිරීමද,මං පහරා සොරුන් විසින් ගත් සන්තකයේ නිශ්චිත අයිතිය,ධන හිමිහට ගෙන දී,එල්ලීමද,බන්ධනය නොකළහොත් දසගම් ඇත්‍තන් සතලිස්පස් දවසකින්,සොයාගෙන ,සංසිදවීම කිරීම,සොයා නොගත්තහොත් ,දස ගමෙහි එකසිය විසිමස් කළදක්,රත්‍රන්,රාජ කුලියට දීමද,


super 🥰
ReplyDeleteNice
ReplyDeleteGood 🥰😍
ReplyDelete