මෙම ශිලාලිපිය අනුරාධපුර අභයගිරි විහාර භූමියට ආසන්න ප්‍රදේශයකින් සොයා ගන්නා ලදි.මේ ශිලාලිපිය කරවා ඇත්තේ බුද්ධදාස සිරි සංඝබෝධි අභයගේ හා සංඝ්භද්රාගේ පුත් වූ සලමෙයිවන් අබහයි.මේ ලිපියේ හදුන්වා ඇත්තේ 5වන කාශ්‍යප රජු පිළිබඳ ව ඇති කරුණු අතර පවත්නා සමානතා නිසාම සලමෙයිවන් අබහය යනුවෙන් හදුන්වා ඇත්තේ 5වන කාශ්‍යප රජු බව නිසැකය.(ක්‍රි.ව.929-939)මෙහි බුද්දස් සිරිසඟබොයි අබහය යනුවෙන් හදුන්වා ඇත්තේ 2වන සේන රජුය.
මෙම ශිලා ලිපියෙහි 5වන කාශ්‍යප රජු විසින් කරන ලද පිංකම්,මිරිසවැටියෙහි සංඝාරාමය,කාශ්‍යප රාජමහා විහාරය හා අභයගිරියෙහි කපාරාමූළයට සම්බන්ධ සිලාමේඝ පබ්බත විහාරය ආදිය කරවීම හා අභයගිරි නිකායට සම්බන්ධ විහාරස්ථානවල යහ පැවැත්මට පනවන ලද ව්‍යවස්ථාවන් පිළිබඳ සඳහන් වේ.මෙම ව්‍යවස්ථා පන්තියෙන් පැහැදිලි වනුයේ භික්ෂු ජීවිතයේ උත්කෘෂ්ඨභාවය අරභයා රජු විසින් ගන්නා ලද ප්රයත්නයයි.පොදුවේ ගත්කළ ශාසනික දියුණුව සඳහා රජු විසින් කරන ලද සේවාවන් හා අභයගිරි නිකාය හා සම්බන්ධ ආරාමයන්හි පරිපාලනය පිළිබඳ වැදගත් තොරතුරු මෙම ලිපියේ සඳහන් වේ.
ක්‍රි.ව.10වන සියවසට අයත් මෙම ලිපියෙන් මධ්‍යතන සිංහල යුගයේ භාෂා ලක්ෂණ හා වර්තමාන ඇතැම් අක්ෂර රූප ස්වරූපයක් පෙන්වයි.
ලේඛනය-:
01-මඟුල් සිහසුන් රක් ගල් තල අයර් වජන් බෙරසීනය්නෙන් රැපු වරණන් ඇඩි මනද සින්දැ සී පැරැක්මෙන්.(මංගල සිංහාසන නැමැති ආරක්ෂක ගිරි තලයට නැග වචන නැමැති බිය ජනක සිංහනාදයෙන් සතුරන් නැමැති ඇතුන්ගේ ආඩම්බරය නැමැති මදය විනාශ කොට සිංහ පරාක්‍රමයෙන්).
02-වැජැම්බැ අනත් අපිරිසෙය් සොමි නිමල ගුණ වතුරෙන් ජියළ් සනයස් සසුන් අරියූ ලක්දිව් පොලොව් මෙහෙ .(වැජඹුණු අනන්ත අපරිච්ජේදය සෞම්‍ය නිර්මල ගුණ සම්පන්න නැමැති ජලයෙන් ලොව සනසා ශාසනය දියුණු කළ ලංකා පෘථිවිය නැමැති මෙය ).
03-සන පරපුරෙන් හිමි මපුරුම් බුද්දස් සිරිසඟ්බොයි අබහය් මහරජ්හට් ජා සඟ් බඬය අප බිසෙව්.(මහේසිකාව පරම්පරාවෙන් හිමි වූ මාහා ප්රමුඛ බුද්ධදාස ශ්‍රී සංඝබෝධි අභය මහ රජුට ජාතක ව , සංඝ භණ්ඩිකා හෝ සංඝ භද්දා නම් අපගේ අභික්ෂිප්ත ).
04-රැජ්නැණියන් කුස්හි හෙවැ දුනූ සැණැහි මෙ යුවරජ් බිසෙව් සිරි පැමැණැ යස තෙජ් හිර් සන්ද්නෙත් ලෙව් පහ.(රාජිනියගෙ කුසෙහි පිළිසිඳ උපන් ක්ෂණයෙහිම යුවරාජාභිෂේකශ්රීයට පැමිණ කීර්තිය හා තේජස නැමැති හිරු සඳුගෙන් ලෝකය ප්රභාවත් කොට).
05-යය් සිය වික්මෙන් සතුරන්මැඬැ පළ නිමල කිත් වතුරෙන් ලොවත් පතුළ් දෙබිසෙවැ ජා සලමෙය්වන් අබ.(ස්වකීය වික්‍රමයෙන් සතුරන් මර්දනය කොට ප්‍රකට නිර්මල කීර්තිය නැමැති ජලයෙන් ලෝකාන්තය තෙක් පතළ දෙවරක් අභිෂේක ලද බිසවගෙන් උපන් ශිලා මේඝවර්ණ අභය).
06-හය් මහරජ්යුතාර් මිරිසවිටි සඟ්සෙන් අරම් කසුබ්රජ් මහවේහෙර් කර්ය් අරී පන්සීයන් වසවය් සුලබ්.(මහරජාණන් මිරිසවැටි සංඝසේනාරාමය කාශ්‍යප රජමහා විහාරය කරවා ආයර්යන් වහන්සේ පන්සීයක් වාසය කරවා සුලභ වූ).
07-සතර් පසයෙන් පුජස් සසුන් කොත් හුවය් ඇතිනකරු මඟුල් මහවෙයැ දකුණ් දොර් අසන්හි රජ්වෙද්හහල්.(සිව් පසයෙන් පුදා ශාසන කොඩිය ඔසවා ඇතුළු නගරයෙහි මංගල මහා වීථියෙහි දකුණු දොර ආසන්නයෙහි රාජ වෙද ශාලා).
08-කයර් රොව් බිය සමය් පොදොනවුලු පලුඬාවුලුයෙන් කෙත් කම් සුලබ් කොට් සිරිලක් ළෝන්දූර්වය් සාබියනි.(සාදවා රෝග භීතිය සමනය කොට පොදොනවුලු හා පුලුඩාවුලු යන වැව්වලින් හො ප්‍රදේශවලින් ක්ෂේත්‍ර කර්මාන්තය හෙවත් ගොවිකම සුලභ කොට හෙවත් දියුණු කොට දුර්භීක්ෂය නිවාරණය කොට).
09-වය් රට් සොයස් සැත් බිය න්රැ නන් ජැයින් නන්සෙය් බුද් බන්ද් නරය් සියල් ඉසිරැයෙන් පුජ්ය් දා සැණෙ.(රට ශුද්ධ කොට ආයුධ භීතිය හා සතුරු භීතිය බැහැර කොට නොයෙක් ජාතිකයන් නෙයෙක් සෙයින් බුදුසමය හා සම්බන්ධ කර සකල සම්පත්තියෙන් පුදා ධාතු උත්සවයෙන්).
10-න් බුද්රුවන් අරියය් ධමුරුවන් කවරි සෙයකින් පුජනෙමි හො යන අදහස් පුරය් අභිධම් දෙසුන් කසුන් .(බුද්ධරත්නය සතුටු කොට ධර්ම රත්නය කවරාකාරයකින් පුදන්නෙමි දෝ හෝ යන අදහස සම්පූර්ණ කොට අභිධර්ම දේශනා රන් පත්හි).
Very good
ReplyDelete👍👌
ReplyDeleteVery Good
ReplyDelete👍😘
ReplyDelete🫶❤️
DeleteValuable information, very good job
ReplyDeleteThank you so much 🫶
DeleteSuperb 🥰
ReplyDeleteGood 💗
ReplyDeleteNice
ReplyDeleteGood 👍
ReplyDeleteNice
ReplyDelete