මිහින්තලා ලෙන් ලිපිය සිංහල ප්‍රාකෘත යුගයට අයත් වේ.මෙය ක්‍රි.පූ.3/2 - ක්‍රි.ව. 3/4 සියවස අතර කාල පරුච්ජේදයයි.සිංහල ප්‍රාකෘත යුගය පූර්වාර්ධයට අයත් මෙම ශිලා ලිපිවලින් අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් තොරතුරු රැසක් එළිවෙයි.මිහිඳු මාහිමියන් විසින් දෙවැනපෑතිස් රජු දවස ලංකාවට බුදුදහම හදුන්වා දීමත් සමඟ ම ලංකාවේ ලේක්ඛන කලාව ආරම්භ වූ බව පෙනේ.ඉන්පසු භික්ෂූන් වහන්සේගේ ප්‍රයෝජන සඳහා විවිධ පුද්ගලයන් විසින් ලෙන් සකස් කොට පූජා කිරීම සම්බන්ධයෙන් සහ බුද්ධාගම ව්‍යාප්ත කිරීම පිළිබඳ කරුණු ද මුල්කාලීන මෙම ශිලාලිපි අධ්‍යනයෙන් තොරතුරු ලබා ගත හැකි වේ.
මුල් කාලීන රජවරු භාවිතා කළ විරුද නාම(දෙවනපිය පිතිමහරජ),ඇතැම් පපුද්ගලයන් භාවිතා කළ පදවි (පරුමක,බඩගරික),කතරගම දස බෑ රජවරුන් බඳු අප්‍රකට රාජවංශ පිළිබඳ තොරතුරු ,යුද හමුදාව හා සම්බන්ධ සෙනපති වැනි පදවි හා ඇතැම් විට පුසදෙව ,නන්දිමිත්‍ර ,වෙලුශුමන වැනි ඔවුන්ගේ සංඥානාම ,(දෙමළ ,කාම්බෝජය,යෝන ) වැනි විවිධ ජාතිකයන් ,(නාවිකයන් ,අයකැමි,ගබඩාකරු,මණිකර,නටක,තුලදර,තබකර ) වැනි විවිධ වෘත්තිකයන් පිළිබඳ තොරතුරු රැසක් මෙම යුගයට අයත් ගුහා ලිපිවලින් හෙළිවෙයි.
එසේම අමෙති ,බඩගරික,බතගු,නගර ගුතික,අශ අදෙක ,අති අදෙක, වැනි රාජ්‍ය නිලධාරීන් කුමර (අය), කුමාරි ( අබි) ,බිසව ( දෙව්) වැනි රජ පවුලට සම්බන්ධ වචන හා තිසදෙව් ( තිස්ස දේවිය), ශුමන දෙවි(සුමනා දේවිය)වැනි සංඥා නාමද මෙම ගුහා ලිපි වල හමුවේ.මහින්දාගමනයට පෙර සිටි බමුණන් පිළිබඳ තොරතුරු එසේම ඉන් පසුව සිටි බමුණන් ගැන තොරතුරු ද සඳහන් වේ.
මීට අමතරව සිංහල ප්‍රාකෘත යුගයේ භාෂා ලක්ෂණ හා බ්‍රාහ්මී අක්ෂරවල ස්වභාවය අධ්‍යනයට මෙ ගුහා ලිපි වැදගත් වේ.
ලේඛනය:
01- ඣාති(ශෙ)න තෙරශ අතිවශික බත සුමන දත තෙරශ ලෙණෙ ශගශ . (ජෝතිසේන තෙරුන්ගේ අන්තේවාසික පින්වත් (බවත්) සුමනදත්ත තෙරුන්ගේ ලෙන සංඝයාටයි.)
02-දෙවනපිය මහරඣහ බරියය බකි(නිය) උපශික වරුණ (දත) ය (ලෙ)ණෙ. ( දේනානම්ප්‍රිය මහරජගේ භාර්‍යාවගේ සොහොයුරිය වූ වරුණදත්තා උපාසිකාවගේ ලෙනයි)
03-බඩගරික පරුමක තිශ පුත පරුමක අශඩ ගුතහ ලෙණෙ බඩගරික . (භාණ්ඩාගාරික ප්‍රමුඛ තිස්සගේ පුත්‍ර ප්‍රමුඛ අශඩ ගුත්තගේ ලෙනයි).
04- මහරඣහ ගමිණි තිශශ බරිය උපශික කිතකය ලෙණෙ ශගශ. (මහාරාජ ගාමිණී තිස්සගේ භාර්‍යාව වූ කිතකාගේ ලෙන සංඝයාටය).
05-ගපති වෙග ඣ්තය උපශික විශ(කය) ලෙණෙ. (වේග ගෘහපතිගෙ දුව වූ විශාකා උපාසිකාවගේ ලෙනයි).
06-උපශික තිශය ලෙණෙ. (තිස්ස උපාසිකාවගේ ලෙනයි)
07-පරුමක ගුත පුත පරුමක ශුමනහ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ. ( ප්‍රමුඛ ගුත්තගේ පුත්‍ර ප්‍රමුඛ සුමනගේ ලෙන පැමිණි නොපැමිණි සතරදිග සංඝයාටය).
08-තිශ ශමණිය ලෙණෙ ශගශ. (තිස්සා මෙහෙණියගේ ලෙන සංඝයාටය ).
09-පරුමක වෙශමණ බරණිය ලෙණෙ දෙවහ චතුදිශ ශගශ. (ප්‍රමුඛ වෙශමණ පුත්‍ර බරණිගේ හා දේවගේද ලෙන සතරදිග සංඝයාටය).
10-උපශික මහනගය ඣ්තය උපශික රොණිය ශගශ උපශික මහනගය. (මහානාග උපාසිකාවගේ දුව වූ රෝහිණී උපාසිකාවගේ ලෙන සංඝයාටය ).

Great 🥰
ReplyDeleteGood 👌🥰
ReplyDelete👌
DeleteVery good ☺️
ReplyDelete👌🙏
Delete🙏
ReplyDelete❤️
Delete👍 good
ReplyDelete❤️
DeleteGood
ReplyDelete❤️
Delete👍👌
ReplyDelete❤️🫶
Delete🫶❤️
ReplyDeleteGood 👍
ReplyDeleteGood
ReplyDeleteGood
ReplyDelete😘👍
ReplyDeleteValuable information, very good job
ReplyDeleteThank you 🫶
DeleteSupper 😍😍
ReplyDeleteThe work has been done very well ❤️🥰
ReplyDeleteValuable information ❤️
ReplyDelete❤️
ReplyDelete🥰
ReplyDelete❤️
ReplyDelete❤️
ReplyDelete😘👍
ReplyDelete❤️
ReplyDeleteGood
ReplyDelete👍👍
ReplyDelete👍👍
ReplyDeleteThank you for sharing …. very useful information.💙
ReplyDeleteසුපිරි ගොඩක්.වැදගත්
ReplyDeleteඅපේන් ඇත්වේලා යන ඉතිහාසය ගැන අලුත් පරපුරට අත්වැලක් ලාබා දීමක්.. ❤️❤️
ReplyDeleteApa atharin nathiy wela yana ithihasaya..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteGreat sister🤘♥️
ReplyDeleteThanks for sharing 🖤
ReplyDeleteGood 👍
ReplyDeleteශ්‍රී ලාංකි ඉතිහාසය පිළිබඳව ගවේෂණය කරන අයෙකුට වැදගත් පිටුවකි 👍
ReplyDelete